Tuesday, April 21, 2026
Homeදේශීයනාමල් ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ ඇමතිවරු හමුවෙයි

නාමල් ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ ඇමතිවරු හමුවෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය ඉන්දීය සංචාරය අතරතුර ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ මහ අමාත්‍ය යෝගි ආදිත් මහතා හමුවී තිබුණා.

file
file

එමෙන්ම උත්තර ප්‍රදේශයේ උප මහා අමාත්‍ය බ්‍රාජේශ් පතක් මහතා හමුවීමේ අරමුණ දෙරට අතර දේශපාලනික වටිනාකම තවදුරටත් ශක්තිමත් කිරීම බවයි නාමල් මහතා සඳහන් කළේ.

file

ඒ සිය මුහුණු පොත ගිණුමෙහි සටහනක් තබමින්. එම සටහන පහතින්,

උපුටා ගැනීම.

ලෝක ආර්ථික අර්බුද හමුවේ වුවද මේ වසරේ ඉන්දීය ආර්ථිකය 7%ක වර්ධන වේගයක් පවත්වාගෙන යනු ඇති බවට ඉන්දීය මූල්‍ය ආයතන පුරෝකථනය කර ඇත. නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ ද අපේ රටේ ආර්ථිකය ඒ කාලසීමාවේ සැබෑ ලෙසම දෙවැනි වූයේ චීනයට පමණි.

තවමත් එවැනි දූරදර්ශී නායකත්වයක් පිලිබඳ ඉන්දියාවේ රජයන් පවා ප්‍රසංසා කිරීම නිහතමානීව පිලිගනිමි. එවැනි යුගයක් නැවත නිර්මාණය කිරීමට, එදාමෙන් හෙටත් අපගේ දේශපාලන යාන්ත්‍රණයට හැකි බව මම දැඩිව විශ්වාස කරමි.

ඈත ඉතිහාසයේ පටන් දෙරට සබඳතාවල දේශපාලනික වටිනාකම තව දුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ උප මහා අමාත්‍ය බ්‍රාජේශ් පතක් මහතා හමුවීම මාගේ දේශපාලන ගමන්මග තුළ සුවිශේෂී කොට සලකමි.

උපුටා ගැනීම අවසන්.

READ:   ඉන්දියාවේ පූජකයෝ කථානායකට බගවත් ගීතාව පිළිගන්වයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්