file
2023 අංක 9 දරන දුෂණ විරෝධී පනතෙහි විධිවිධාන යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කිරීම සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා.
ඒ සඳහා සුදුසුකම්ලත් තැනැත්තන් අදාළ අයදුම්පත්‍ර පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි (www.parliament.lk) ක්ෂණික සබැඳි යටතේ “අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පත්කිරීම” නමින් පලකර ඇති ආකෘතිය අනුව පිළියෙල කළ යුතුයි.
එලෙස නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර 2024, මාර්තු මස 4 වැනි දින හෝ ඊට පෙර ,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහලේකම්,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව-කාර්යාලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ constitutionalcouncil@parliament.lk යන යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතු බවත් සඳහන්.
එමෙන්ම ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ / විද්‍යුත් ලිපියෙහි විෂය වශයෙන් “අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කිරීම” යනුවෙන් සඳහන් කළ යුතු වෙනවා.
මේ සඳහා වන පුවත් පත් දැන්වීම මේ මස 11 සහ 12 යන දිනවල ජාතික පුවත්පත්වල පළ කෙරෙනවා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…