විශේෂාංග

බොබ් මාලේ වෙනුවෙන් ලොව වටා රසික ජනතාවගෙන් ආදරණීය පැතුමක්.

ජැමෙයිකානු ගායකයෙක්, ගීත රචකයෙක් සහ සංගීතඥයෙක් වන රෙගේ සංගීතයේ පුරෝගාමියා වන රොබට් නෙස්ටා මාර්ලේ හෙවත්, බොබ් මාර්ලේ ගේ ජන්ම දිනය ඊයේ (06) ට යෙදී තිබුණා.

අද ජීවතුන් අතර නොසිටියද ඔහුගේ උපන් දිනය වෙනුවෙන් ලොව පුරා විශාල රසිකයින් පිරිසක් බොබ් මාලි ගැන සටහන් තබා තිබුණා.

ජැමෙයිකානු සංගීතය සහ සංස්කෘතියේ අනන්‍යතාවය ලොවට විවෘත කළ සංකේතය ලෙස බොබ් මාලි, අවිවාදයෙන් පිළිගනු ලබනවා.

1963 දී සීය සංගීත දිවිය ආරම්භ කළ මාලි 1965 දී සිය මංගල චිත්‍රාගාර ඇල්බමය වන ” ද වයිලිං වේලසර්” නිකුත් කළ අතර ඉතා කෙටි කාලයකින් ඔහු ලොව පුරා ජනප්‍රියත්වයට පත්විය.

1945 පෙබරවාරි 6 වනදා උපත ලද බොබ් මාලී රෝගී තත්වයක් හේතුවෙන් 1981 මැයි 11 වනදා මියයන විට අවුරුදු 36ක තරුණයෙකු විය.

ලොව පුරා වාර්තා තබමින් බොබ් මාලී ගේ ගීත ඇල්බමයන් අලෙවි වූ අතර ඒ අතර Legend (1984) ඇල්බමය අදටත් ලොව මෙතෙක් වැඩියෙන්ම අලෙවි වූ රෙගේ ඇල්බමය වෙනවා.

ඔහුගේ ගීතයන් අතර,

* රිඩෙම්ප්ෂන් සෝන්ග්

* වන් ලව්

* ඊස් දිස් ලව්

* ගෙට් අප් ස්ටෑන්ඞ් අප්

* බෆලෝ සෝල්ජර්

* ත‍්‍රී ලිට්ල් බර්ඞ්ස්

* නෝ වුමන් නෝ ක‍්‍රයි

වැනි ගීත වලට අදටත් ලොව පුරා බොහෝ පිරිසක් ඇලුම් කරයි.

මාලිගේ මරණින් පසු ඔහුට ගෞරවය ගෙනෙමින් ජැමෙයිකාව විසින් ඔහු “රොක් ඇන්ඩ් රෝල් ඔෆ් ෆේම්” වෙත ඇතුළත් කළා.

ලොව සර්වකාලීන විශිෂ්ටතම කලාකරුවන් 100 දෙනාගේ ලැයිස්තුවේ බොබ් මාලිගේ නම තවමත් ඉහළින් සටහන් කර තිබෙනවා.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

1 day ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago