Tuesday, April 21, 2026
Homeදේශීයබොබ් මාලේ වෙනුවෙන් ලොව වටා රසික ජනතාවගෙන් ආදරණීය පැතුමක්.

බොබ් මාලේ වෙනුවෙන් ලොව වටා රසික ජනතාවගෙන් ආදරණීය පැතුමක්.

ජැමෙයිකානු ගායකයෙක්, ගීත රචකයෙක් සහ සංගීතඥයෙක් වන රෙගේ සංගීතයේ පුරෝගාමියා වන රොබට් නෙස්ටා මාර්ලේ හෙවත්, බොබ් මාර්ලේ ගේ ජන්ම දිනය ඊයේ (06) ට යෙදී තිබුණා.

අද ජීවතුන් අතර නොසිටියද ඔහුගේ උපන් දිනය වෙනුවෙන් ලොව පුරා විශාල රසිකයින් පිරිසක් බොබ් මාලි ගැන සටහන් තබා තිබුණා.

ජැමෙයිකානු සංගීතය සහ සංස්කෘතියේ අනන්‍යතාවය ලොවට විවෘත කළ සංකේතය ලෙස බොබ් මාලි, අවිවාදයෙන් පිළිගනු ලබනවා.

1963 දී සීය සංගීත දිවිය ආරම්භ කළ මාලි 1965 දී සිය මංගල චිත්‍රාගාර ඇල්බමය වන ” ද වයිලිං වේලසර්” නිකුත් කළ අතර ඉතා කෙටි කාලයකින් ඔහු ලොව පුරා ජනප්‍රියත්වයට පත්විය.

1945 පෙබරවාරි 6 වනදා උපත ලද බොබ් මාලී රෝගී තත්වයක් හේතුවෙන් 1981 මැයි 11 වනදා මියයන විට අවුරුදු 36ක තරුණයෙකු විය.

ලොව පුරා වාර්තා තබමින් බොබ් මාලී ගේ ගීත ඇල්බමයන් අලෙවි වූ අතර ඒ අතර Legend (1984) ඇල්බමය අදටත් ලොව මෙතෙක් වැඩියෙන්ම අලෙවි වූ රෙගේ ඇල්බමය වෙනවා.

ඔහුගේ ගීතයන් අතර,

* රිඩෙම්ප්ෂන් සෝන්ග්

* වන් ලව්

* ඊස් දිස් ලව්

* ගෙට් අප් ස්ටෑන්ඞ් අප්

* බෆලෝ සෝල්ජර්

* ත‍්‍රී ලිට්ල් බර්ඞ්ස්

* නෝ වුමන් නෝ ක‍්‍රයි

වැනි ගීත වලට අදටත් ලොව පුරා බොහෝ පිරිසක් ඇලුම් කරයි.

මාලිගේ මරණින් පසු ඔහුට ගෞරවය ගෙනෙමින් ජැමෙයිකාව විසින් ඔහු “රොක් ඇන්ඩ් රෝල් ඔෆ් ෆේම්” වෙත ඇතුළත් කළා.

ලොව සර්වකාලීන විශිෂ්ටතම කලාකරුවන් 100 දෙනාගේ ලැයිස්තුවේ බොබ් මාලිගේ නම තවමත් ඉහළින් සටහන් කර තිබෙනවා.

READ:   උද්ධමනය යළි ඉහළ යෑමක් ගැන මහ බැංකුව පුරෝකථනය කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්