ඉන්දියානු රජයේ නිල ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා අද පස්වරුවේ ඉන්දියානු රජයේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා හමුව සාකච්ඡා පවත්වා තිබෙනවා.
මෙම හමුව පවත්වා ඇත්තේ සර්දාර් පටෙල් භවන් හිදී.
මෙහිදී කලාපීය ආරක්ෂාව පිළිබඳවත්, ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ද්විපාර්ශවීය සබඳතා පිළිබඳවත් දීර්ඝ ලෙස සාකච්ඡ්චාවට බඳුන් වූ බව සඳහන්.
මෙම හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ද එක්ව තිබෙනවා.


