Friday, July 10, 2026
Homeදේශීයඅනුර ඉන්දියාවෙදි විශේෂ හමුවක.

අනුර ඉන්දියාවෙදි විශේෂ හමුවක.

ජාතික ජන බලවේගයේ නායක අනුර කමාර දිසානායක මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා.

ඒ බව ජයිශංකර් මහතා සිය නිල X ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කළා.

මෙහිදී දෙරට අතර ද්විපාර්ශවික සබඳතා සහ වර්තමාන ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග සම්බන්ධයෙන් ඔවුන් දෙපල අදහස් හුවමාරු කර ගත් බව වැඩිදුරටත් සඳහන්.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර මහතා මුණගැසීම සම්බන්ධයෙන් ජයිශංකර් මහතා මෙහිදී සිය සතුට පළ කර තිබෙනවා.

අනුර කුමාර මහතා ඇතුළු දූත පිරිස ඉන්දියාවේ නිල ආරාධනයකට අනුව අද එරට බලා පිටත්ව ගියා.

READ:   දේශබන්දුගේ රිටි පෙත්සම විභාගයට ගැනේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්