Tuesday, April 21, 2026
Homeදේශීයඅභාවප්‍රාප්ත සනත් නිශාන්තගේ බිරිඳ දේශපාලනයට? 

අභාවප්‍රාප්ත සනත් නිශාන්තගේ බිරිඳ දේශපාලනයට? 

තම ස්වාමිපුරුෂයාගෙන් හිස් වූ දේශපාලන නායකත්වය භාරගන්නා ලෙස පක්ෂයෙන් සහ ජනතාවගෙන් ඉල්ලීමක් තිබෙන්නේ නම් ඒ පිලිබඳ සලකා බැලීමට තමන් සූදානම් බව අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ පවසනවා.

එම අනතුරින් ජීවිතක්ෂයට පත්වූ පොලිස් සැරයන් වරයාගේ නිවසට ඊයේ පැමිණි අවස්ථාවේදී නීතිඥ චමරි ප්‍රියංකා පෙරේරා මහත්මිය මේ බව පවසා තිබෙනවා.

තමන් දේශපාලනයට සම්බන්ධ වන බවට වන ප්‍රකාශ සම්බන්ධයෙන් ඇය විමතියට පළ කර ඇති අතර, එහෙත් සනත් නිශාන්ත මහතාගෙන් පුත්තලම ජනතාවට සිදුවූ සේවාව වෙනුවෙන් එම දේශපාලන නායකත්වය භාරගන්නා ලෙස පුත්තලම ජනතාව සහ පක්ෂය ද ඉල්ලීමක් කරන්නේනම් ඇතැම්විට ඒ පිළිබදව සලකා බැලීමට ඉඩ තිබෙන බවයි ඇය සඳහන් කර ඇත්තේ.

මියගිය පොලිස් සැරයන් වරයාගේ පවුලට ශෝකය පළ කිරීම සඳහා ඇය එම නිවසට පැමිණ තිබුණා.

READ:   සනත් නිශාන්තට දිවි අහිමි කළ රිය අනතුර සැක බවට බිරිය ගෙන් CIDයට පැමිණිල්ලක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්