දේශීය

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහිව කාදිනල් හිමිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

රජය විසින් ගෙන එන ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ඒවා බවට තීන්දු කරන ලෙස අධිකරණයෙන් ඉල්ලමින්.

යෝජිත පනත දැනට පවතින ආකාරයට සම්මත වුවහොත් සාධාරණ සැකයකින් තොරව අනවශ්‍ය ලෙස අත්අඩංගුවට ගැනීමට ත්‍රිවිධ හමුදාවට, පොලිසියට සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අසීමිත බලතල හිමිවන බවට පෙත්සමින් පෙන්වා දෙනවා.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා.

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

1 day ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

1 day ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

2 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

2 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

4 days ago