Tuesday, September 15, 2026
Homeදේශීයත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහිව කාදිනල් හිමිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහිව කාදිනල් හිමිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

රජය විසින් ගෙන එන ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ඒවා බවට තීන්දු කරන ලෙස අධිකරණයෙන් ඉල්ලමින්.

යෝජිත පනත දැනට පවතින ආකාරයට සම්මත වුවහොත් සාධාරණ සැකයකින් තොරව අනවශ්‍ය ලෙස අත්අඩංගුවට ගැනීමට ත්‍රිවිධ හමුදාවට, පොලිසියට සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අසීමිත බලතල හිමිවන බවට පෙත්සමින් පෙන්වා දෙනවා.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා.

READ:   පොදුජන පෙරමුණ සමඟ යු.එන්.පී එක චීනයේ සංචාරයක
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්