file
හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ජනප්‍රිය ගායක චාමර වීරසිංහගේ තත්ත්වය ගැන සඳහන් කරමින් මුහුණු පොතට සටහනක් එක් කොට තිබෙනවා.
ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා විසින්.
එම සටහන පහතින්,
ආදරණීය චාලි . අදට හරියට ම මාසයක් කලුබෝවිල දැඩි සත්කාර ඒකකයේ.
ගෙවී ගිය දවස් තිහේම මේ රටේ මිනිස්සු චාලිට ආශීර්වාද කලා.
චාලි ගේ සහෝදරයො ටික සහෝදරියො ටික හැමෝම එක වගේ චාලි වෙනුවෙන් වෙහෙසුනා උනන්දු උනා. දුරකථනයෙන් කතා කරල බොහෝ රසික පිරිසක් චාලී ගැන හොයල බැලුව.
වෙන රටකට ගිහිල්ලා හරි බෙහෙත් කරමු අපි වියදම් කරන්නම් කියල පුද්ගලිකව කතා කරපු නන්නාදුනන මිනිස්සු හිටියා. මේ දවස් තිහේම නොකඩවා උදේ දවල් හවස චාලි ගෙ බිරිද කලුබෝවිල රෝහලට ආවා.
ඇය සමහර දවස් වල රෝහලෙන් එළියට ආවේ බොහෝම කැලබීමෙන් . චාලී ගැන උනන්දුවක් නොතිබුණු යාලුවෙක් නැති තරම්. රටේ හැමෝම චාලි ගැන හොයල බැලුව .
ඒත් මාසයක් ගතවෙන අද ඇත්තටම යම් සැනසීමක් තියන දවසක්.
අද චාලි බලන්න ගියා. ඒ වෙලාවෙ නින්ද ගිහින්. විනාඩ් දෙක තුනකින් ඇස් අරිද්දි මාව දැකපු චාලි හඩක් නැතුව තොල් අතරින් නිරෝ කියල අතින් අල්ලා ගත්තා .
රටේ හැම තැනම මිනිස්සු ඔයා බලාගෙන ඉන්නවා.
හෙමිහිට නැගිටිමු කියද්දි උබේ ඇස් දෙපැත්තෙන් එච්චර කදුළු එනවා මම කවදාවත් දැකලා නෑ මිත්‍රයා .
තව දවස් කීපයකින් දැඩි සත්කාර ඒකකයෙන් චාලී එලියට එයි .
ඒත් රෝහලේ තව යම් කාලයක් ඉන්න වෙයි.
චාලී වෙනුවෙන් වෙහෙසෙන කලුබෝවිල රෝහලේ සියලුම දෙනාට ගොඩාක් පිං .
හොයා බලපු ආදරේ කරපු ආදර්ණීය උතුම් මිනිසුනි ඔබටත් බොහෝම පිං .
චාලී ආයෙමත් අපි ඉස්සරහ සින්දු කියන දවසක් එන තෙක් අපි වෙනදා වගේම චාලි ට ආශීර්වාද කරමින් බලා සිටිමු. බුදුසරනයි ,
දෙවි පිහිටයි චාලී
මෙරට සාහිත්‍ය ක්ෂේත්රයේ නව ප්රවණතා හඳුන්වාදීමේ පුරෝගාමියෙකු වූ ප්‍රවීණ ලේඛක බී.ඒ.ටෙනිසන් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී…
ජාත්‍යන්තර අවධානය දිනාගත් “Walk for Peace” හෙවත් සාම පාගමන සාර්ථක කර ගැනීම සඳහා මහජනතාව විනයානුකූලව…
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් ජේසුස් බවට අර්ථ ගන්වන ජයාරූපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර…
අද (11) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි QR ක්‍රමවේදයට කෝටා ක්‍රමයට වාහනවලට පෙට්‍රල් නිකුත් කිරීම…
අර්බුදය හමුවේ ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් මාස තුනක් සඳහා රුපියල් බිලියන 100ක සහන පැකේජයක් මැයි…
ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව වර්ධනය කිරීමේ අරමුණින් කටයුතු කරන බව පවසමින්, එයට විරුද්ධව ක්‍රියා කරන…