දේශීය

ලැයිස්තුවේ සිටි සැකකරුවන් 273ක් යුක්තියට කොටුවෙයි

මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය සඳහා දිවයින පුරා ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුමට අදාළව ගෙවුණු පැය 24 තුළ සිදුකළ වැටලීම්වලදී සැකකරුවන් 943ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතර අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සැකකරුවන් 273ක් ද වෙනවා.

ඔවුන් අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 58 ක් වන අතර මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධ වරෙන්තුකරුවන් ගණන 192ක්.

සැකකරුවන් පිරිසෙන් පුද්ගලයින් 9 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත විමර්ශන සිදු කිරීමට නියමිත අතර නීති විරෝධී වත්කම් විමර්ශනයක් ද ක්‍රියාත්මක යි.

තවත් සැකකරුවන් 25 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කර තිබෙනවා.

මේ අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 32 ක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඇගිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන, අත්අඩංගුවට නොගත් සැකකරුවන් 11 ක් සහ අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 12 ක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වැටලීම් වලදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහතින්,

හෙරොයින් 199 g
අයිස් 168 g
ගංජා 2 kg 400 g
ගංජා පැල 2,883 ක්
මාවා 382g
තූල් 45g
මදන මෝදක 141g
මත්පෙති 59 ක්

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

2 hours ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

2 hours ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

2 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

2 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

2 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

2 days ago