මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය සඳහා දිවයින පුරා ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුමට අදාළව ගෙවුණු පැය 24 තුළ සිදුකළ වැටලීම්වලදී සැකකරුවන් 943ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අතර අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සැකකරුවන් 273ක් ද වෙනවා.
ඔවුන් අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 58 ක් වන අතර මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධ වරෙන්තුකරුවන් ගණන 192ක්.
සැකකරුවන් පිරිසෙන් පුද්ගලයින් 9 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත විමර්ශන සිදු කිරීමට නියමිත අතර නීති විරෝධී වත්කම් විමර්ශනයක් ද ක්‍රියාත්මක යි.
තවත් සැකකරුවන් 25 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කර තිබෙනවා.
මේ අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 32 ක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඇගිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන, අත්අඩංගුවට නොගත් සැකකරුවන් 11 ක් සහ අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 12 ක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම වැටලීම් වලදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහතින්,
හෙරොයින් 199 g
අයිස් 168 g
ගංජා 2 kg 400 g
ගංජා පැල 2,883 ක්
මාවා 382g
තූල් 45g
මදන මෝදක 141g
මත්පෙති 59 ක්


