Wednesday, April 15, 2026
Homeදේශීයසියලුම ත්‍රිරෝදරථ සංගම් ඇතුලත් අන්තර්වාර මෙහෙයුම් කමිටුව පිහිටුවයි

සියලුම ත්‍රිරෝදරථ සංගම් ඇතුලත් අන්තර්වාර මෙහෙයුම් කමිටුව පිහිටුවයි

මෙරට අවිධිමත් අංශයේ රැකියා වල නියුතු සියලුදෙනා හට වෘත්තීය ගරුත්වය සහ අභිමානය ලබාදීමට ආරම්භ කළ ගරු සරු වැඩසටහන යටතේ ත්‍රිරෝදරථ රියැදුරන්ගේ වෘත්තීය කවුන්සිල පිහිටුවීමේ පළමු අදියර ලෙස අන්තර්වාර ආංශික මෙහෙයුම් කමිටුව අද (16) දින පිහිටුවනු ලැබීය.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ආංශික කමිටු පිහිටුවීමට අදාලව අද (16) පැවති සාකච්ඡාවේදී මෙම කමිටුව පිහිටුවනු ලැබීය.

file

ඒ අනුව මෙම අන්තර්වාර මෙහෙයුම් කමිටුව විසින් ත්‍රිරෝධ රථ රියැදුරන්ගේ වෘත්තීය භාවය සහ සමාජ ආරක්ෂණය තහවුරු කිරීමට අදාලව ත්‍රිරෝදරථ රියැදුරන් සඳහා වූ වෘත්තීය කවුන්සිලය පිහිටුවන තෙක් ක්‍රියාත්මක වීමට නියමිතය.

මෙම අන්තර්වාර ආංශික කමිටුව මෙරට ක්‍රියාත්මක සියලුම ත්‍රිරෝදරථ රියැදුරු සංගම්වල නියෝජිතයින්ගෙන් සමන්විත අතර ඔවුන් මීට පෙර පැවැත්වූ සාකච්ඡාවන් හිදී සිය වෘත්තියේ ගරුත්වය වර්ධනය කිරීමට අදාලව එකඟතාවයට පත් වූ කරුණු සමන්විත යෝජනාවලියක්ද අද දින අමාත්‍යවරයා වෙත පිළිගන්වනු ලැබීය.

file

එහිදී මෙම යෝජනා බලාත්මක කිරීමට අදාල නෛතික පසුබිම සපයමින් එම යෝජනා නව රැකීරක්ෂා පනත යටතේ ගැසට් කිරීමට කඩිනමින් පියවරගන්නා බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

මේ අතර කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් දිවයින පුරා ගරු සරු වැඩසටහන පිළිබඳව පැවැත්වීමට නියමිත දැණුවත් කිරීමේ වැඩසටහන් වලට එක්වීමටද අන්තර්වාර ආංශික කමිටුව සිය එකඟතාව පළ කරනු ලැබීය.

දැනට ත්‍රීරෝදරථ රියැදුරන් ලෙස කටයුතු කරනු ලබන සියලුදෙනා ලියාපිදිංචි කරමින් දත්ත පද්ධතියක් සකස්කිරීමට අදාලව කිව්ආර් කේථයක් හදුන්වා දෙන ලෙසට ඉදිරිපත් වූ යෝජනාව සලකා බලමින් ඉතා කෙටි කාලයක් තුලදී නව කේථය හදුන්වා දීමට පියවර ගන්නා බවටද අමාත්‍යවරයා මෙහිදී සහතික විය.

එමෙන්ම ත්‍රීරෝදරථ රියැදුරන් සඳහා වූ පිහිටුවන ලබන වෘත්තීය සංවිධානය මගින් අන්තර්ජාලය හරහා ත්‍රිරෝදරථ රියැදුරන්ට ගමන්වාර ලබා ගැනීමට හැකි ක්‍රමවේදයක් සකස්කිරීම සම්බන්ධවද මෙහිදී සාකච්ඡාවට ලක්විය.

ත්‍රිරෝදරථ රියැදුරන්ගේ වෘත්තීය භාවය සහ සේවාවේ ගුණාත්මක භාවය වර්ධනය කිරීමට අමාත්‍යවරයා විසින් ගෙනයන වැඩපිළිවෙලට කමිටු සමාජිකයින් සිය සතුට පළකළ අතරම සිය සංවිධානයේ ඉදිරි කටයුතු කරගෙන යාමට ඇතැම් රාජ්‍ය ආයතන තුල යම් බාධා පවතින බවද කමිටු සමාජිකයෝ පෙන්වා දුන්හ.

READ:   ජැක්ලින් ෆර්නැන්ඩස් මුදල් විශුද්ධිකරණ නඩුවක චූදිතයෙකු බවට පත්වෙයි

ඒ අනුව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ පනත සංශෝධනය කිරීමට පවතින ප්‍රමාදයක් දැඩි අභියෝගයක් වී ඇති බවද කමිටු සමාජිකියන් පෙන්වා දුන් අතර එහිදී ක්‍රියාත්මක වූ අමාත්‍යවරයා නීති කොටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ව මේ සම්බන්ධයෙන් දැණුවත් කිරීමටද පියවර ගනු ලැබීය.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, ත්‍රිරෝදරථ රියැදුරන්ගේ වෘත්තීයභාවය සහ ඔවුන්ගේ ප්‍රමිතීන් ඔවුන් විසින්ම සකස් කර දියයුතු බවත් අමාත්‍යවරයා වශයෙන් තමන් එම යෝජනා බලාත්මක කිරීමට අවශ්‍ය නෛතික පසුබිම සකස්කර දීම පමණක් සිදුකරන කරන බවයි.

එමෙන්ම කිසිම අවස්ථාවක සමාජ ආරක්ෂණ කටයුතු සඳහා පුද්ගලික අංශයේ රක්ෂණ සමාගම් හෝ වෙනත් කිසිම පාර්ශවයක් එක්කර නොගන්නා බවටද අමාත්‍යවරයා මෙහිදී සහතික විය.

ඒ අනුව මෙරට දැනට ක්‍රියාත්මක සමාජ ආරක්ෂණ ක්‍රමවේද මෙන්ම පූර්ණ රාජ්‍ය මැදිහත්වීම මත මෙම නව සමාජ ආරක්ෂණ ක්‍රමවේදයන්ට ක්‍රියාත්මක වන බවට අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

: කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය

RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්