Thursday, June 11, 2026
Homeදේශීයඒ පනත ගෙනාවට පස්සේ social media වල දාන්න බැරි comments වසන්ත කියයි

ඒ පනත ගෙනාවට පස්සේ social media වල දාන්න බැරි comments වසන්ත කියයි

අධිකරණ අමාත්‍යවරයා විසින් මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ ගෙන ඒමට නියමිත සමාජ මාධ්‍ය වාරණ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලයේ හිටපු කැදවුම්කරු වසන්ත මුදලිගේ මහතා අදහස් දක්වා සිටිනවා.

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත තුල ත්‍රස්තවාදය යන්න නිර්වචනය කර තිබෙන ආකාරය හරහා ආණ්ඩුව මර්ධනයට අවස්ථාව ලබා ගෙන ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ අතර ඉදිරි දින කිහිපය තුළ ඇතුළත පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත සමාජ මාධ්‍ය වාරණ පනතට අනුව තහවුරු කර නොගත් කිසිදු තොරතුරක් සමාජ මාධ්‍යට එක් කළ නොහැකි බව ඔහු අවධාරණය කර සිටිනවා.

එලෙස සමාජ මාධ්‍යට අදහසක් ලෙස එක් කළහොත් එය තහවුරු කර නොගත් තොරතුරක් නම් ඒ සම්බන්ධයෙන් අදාළ පනත හරහා නීතිමය පියවර ගැණෙන බව ඔහු පෙන්වා දෙනවා.

විස්තර සහිත විඩියෝව පහතින්

READ:   ලංවිමට නැවත සේවක බඳවාගැනීම් නෑ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්