දේශීය

එංගලන්තයේ ඈන් කුමරිය හෙට දිවයිනට

එංගලන්තයේ ඈන් කුමරිය ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා හෙට දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

ඇය සමගේ ඇගේ සහකරු වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් ටිම් ලෝරන්ස් මහතා ද මෙරටට පැමිණීමට නියමිත බවයි සඳහන් වන්නේ.

ඒ අනුව ලබන 13 වනදා දක්වා ඇය මෙරට සංචාරය කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වන සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන උත්සව සඳහා ශ්‍රී ලංකා රජය විසින් ඇයට ආරාධනා කර ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ.

ඒ අනුව මෙම වසරේ බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකයෙකු මෙරට සංචාරය කරන පළමු අවස්ථාව වෙනවා.

ඈන් කුමරිය දෙවන එලිසබෙත් රැජිනගේ සහ එඩින්බරෝ ආදිපාදවරයා වන පිලිප් කුමරුගේ දෙවන දරුවා සහ එකම දියණිය වන අතර III චාල්ස් රජුගේ එකම සහෝදරිය ද වෙනවා.

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

11 hours ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

11 hours ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

1 day ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

1 day ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

3 days ago