file
එංගලන්තයේ ඈන් කුමරිය ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා හෙට දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
ඇය සමගේ ඇගේ සහකරු වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් ටිම් ලෝරන්ස් මහතා ද මෙරටට පැමිණීමට නියමිත බවයි සඳහන් වන්නේ.
ඒ අනුව ලබන 13 වනදා දක්වා ඇය මෙරට සංචාරය කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වන සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන උත්සව සඳහා ශ්‍රී ලංකා රජය විසින් ඇයට ආරාධනා කර ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ.
ඒ අනුව මෙම වසරේ බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකයෙකු මෙරට සංචාරය කරන පළමු අවස්ථාව වෙනවා.
ඈන් කුමරිය දෙවන එලිසබෙත් රැජිනගේ සහ එඩින්බරෝ ආදිපාදවරයා වන පිලිප් කුමරුගේ දෙවන දරුවා සහ එකම දියණිය වන අතර III චාල්ස් රජුගේ එකම සහෝදරිය ද වෙනවා.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…