Thursday, September 10, 2026
Homeදේශීයඑංගලන්තයේ ඈන් කුමරිය හෙට දිවයිනට

එංගලන්තයේ ඈන් කුමරිය හෙට දිවයිනට

එංගලන්තයේ ඈන් කුමරිය ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා හෙට දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

ඇය සමගේ ඇගේ සහකරු වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් ටිම් ලෝරන්ස් මහතා ද මෙරටට පැමිණීමට නියමිත බවයි සඳහන් වන්නේ.

ඒ අනුව ලබන 13 වනදා දක්වා ඇය මෙරට සංචාරය කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වන සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන උත්සව සඳහා ශ්‍රී ලංකා රජය විසින් ඇයට ආරාධනා කර ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ.

ඒ අනුව මෙම වසරේ බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකයෙකු මෙරට සංචාරය කරන පළමු අවස්ථාව වෙනවා.

ඈන් කුමරිය දෙවන එලිසබෙත් රැජිනගේ සහ එඩින්බරෝ ආදිපාදවරයා වන පිලිප් කුමරුගේ දෙවන දරුවා සහ එකම දියණිය වන අතර III චාල්ස් රජුගේ එකම සහෝදරිය ද වෙනවා.

READ:   ගබ්සා නීතියට සංශෝධනයක් අවශ්‍යයි - අධිකරණ ඇමැති
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්