Thursday, September 10, 2026
Homeදේශීයසෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා රිමාන්ඩ්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා රිමාන්ඩ්

ආන්දෝලනාත්මක ව්‍යාජ හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ තොගය මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ හේරත් කුමාර මහතා ඊයේ (05) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තා.

ඒ අනුව ඒ මහතා ලබන 10 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ.

මෙම ආන්දෝලනාත්මක ව්‍යාජ ඖෂධ තොගය මිලදී ගැනීම, සෞඛ්‍ය අමාත්‍යාංශයට සැපයීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඇතුළු 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.

බරපතල ස්නායු රෝගීන් ඇතුළු රෝගීන්ට ප්‍රතිශක්තිකරණය ඇති කිරීම සඳහා ලබා දෙන මෙම ඖෂධය මිලදී ගැනීම සම්බන්ධයෙන් මේ වන විට අධිකරණය හමුවේ විමර්ශනයට ලක් කෙරෙනවා.

READ:   18 හැවිරිදි පුද්ගලයෙක් සමූහ වෙඩි තැබීමක් සිදුකරයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්