Sunday, April 19, 2026
Homeදේශීයවිදුලි ගාස්තුව 50%කින් පහළට?

විදුලි ගාස්තුව 50%කින් පහළට?

ඔක්තෝබර් මස 18%කින් ඉහළ දැමූ විදුලි ගාස්තුවෙන් 50%ක් පමණ හැකි ඉක්මනින් අඩු කර, පාරිභෝගිකයාට සහන සැලසිය හැකි වෙතැයි අපේක්ෂා කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි, මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා පවසනවා.

විදුලිය උත්පාදනය කෙරෙන ජලාශවල ජල ධාරිතාව උපරිම මට්ටමට ලඟා වී ඇති බැවින් එම වාසිය ජනතාවට ලබා දීමට කටයුතු කරන බවයි ඔහු පවසන්නේ.

මේ සම්බන්ධයෙන් ජනවාරි 12 හෝ 13 අතර දිනයක ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට දැනුම් දී අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.

READ:   විදුලිබල මණ්ඩලය විකිණීමට එරෙහි විදුලි සේවක විරෝධතාව අදත් 
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්