දේශීය

සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝව බොරු – ඇමති චාමරගෙන් පිළිතුරු

අමාත්‍ය චාමර සම්පත් මහතා සහභාගී වූ පසුගියදා බදුල්ල ප්‍රදේශයේ පැවති ආහාර මලු බෙදාදීමක් අතරතුර විරෝධයක් ඇති වූ බවට සමාජ මාධ්‍ය තුළ සංස්කරණය වන වීඩියෝව සාවද්‍ය බව ඔහුගේ ලේකම් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එම නිවේදනය පහතින්,

“බදුල්ල දිස්ත්‍රික්කයට පතිත වූ වර්ෂාව හේතුවෙන් නාය ගිය හා නාය යෑම නිසා ඉවත් කළ පවුල් සඳහා වියලි ආහාර මලු බෙදා දීමක් ගරු අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දිනවල පැවැත්වුණා.

ගරු අමාත්‍යවරයාගේ පෞද්ගලික මුදලින් මෙම ව්‍යාපෘතිය දියත් කෙරිණ.පස්සර මඩුවත්ත ප්‍රදේශයේ මෙසේ ආහාර මලු බෙදා දීමේදී ජනතා විරෝධයක් ඇතිවා යයි ඇතැම් සමාජ මාධ්‍ය විසින් හඳුන්වා තිබිණ.

එය හුදෙක් සාවද්‍ය ප්‍රකාශයකි.මෙම ආහාර මලු බෙදාදීමේ වැඩසටහනට ගරු අමාත්‍යතුමා සමගින් මා පෞද්ගලිකව සහභාගි වූ අතර කිසිම තැනක එසේ ජනතා විරෝධයක් හට නොගැනිණ.

ඉහත කී කඳවුරුදී සිදුවූයේ වතුකරයේ දමිළ සහෝදර සහෝදරියන් 119ක් සඳහා ආහාර මළු බෙදා දීමේදී ආහාර මලු ගැනීමට සුදුසුකම් නොලැබූ විශාල පිරිසක් පැමිණ සිටීමයි.

ඔවුන්ට එය තේරුම්කරදී නියමිත සුදුස්සන්ට පමනක් ආහාර මළු බෙදාදීම සිදුවිණ.

එය සනාථ කිරීම සඳහා අවශ්‍ය කරුණු ඔබ වෙත එවා ඇත.නොසන්සුන්තාවක් ඇති වුවා යැයි යනුවෙන් හුවා දැක්වීම යම් කිසිවෙකු හෝ කවරෙකු ගේ හෝ දේශපාලනික වශයෙන් මඩ තැවරීමට ගත් හුදු උත්සාහයක් බව ද පෙන්වා දෙනු කැමැත්තෙමි.”

ස්තුතියි,

ගරු අමාත්‍යතුමන්ගේ මාධ්‍ය ලේකම් නයන තෙන්නකෝන්.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

1 day ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago