Tuesday, April 21, 2026
Homeදේශීයසමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝව බොරු - ඇමති චාමරගෙන් පිළිතුරු 

සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝව බොරු – ඇමති චාමරගෙන් පිළිතුරු 

අමාත්‍ය චාමර සම්පත් මහතා සහභාගී වූ පසුගියදා බදුල්ල ප්‍රදේශයේ පැවති ආහාර මලු බෙදාදීමක් අතරතුර විරෝධයක් ඇති වූ බවට සමාජ මාධ්‍ය තුළ සංස්කරණය වන වීඩියෝව සාවද්‍ය බව ඔහුගේ ලේකම් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එම නිවේදනය පහතින්,

“බදුල්ල දිස්ත්‍රික්කයට පතිත වූ වර්ෂාව හේතුවෙන් නාය ගිය හා නාය යෑම නිසා ඉවත් කළ පවුල් සඳහා වියලි ආහාර මලු බෙදා දීමක් ගරු අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දිනවල පැවැත්වුණා.

ගරු අමාත්‍යවරයාගේ පෞද්ගලික මුදලින් මෙම ව්‍යාපෘතිය දියත් කෙරිණ.පස්සර මඩුවත්ත ප්‍රදේශයේ මෙසේ ආහාර මලු බෙදා දීමේදී ජනතා විරෝධයක් ඇතිවා යයි ඇතැම් සමාජ මාධ්‍ය විසින් හඳුන්වා තිබිණ.

එය හුදෙක් සාවද්‍ය ප්‍රකාශයකි.මෙම ආහාර මලු බෙදාදීමේ වැඩසටහනට ගරු අමාත්‍යතුමා සමගින් මා පෞද්ගලිකව සහභාගි වූ අතර කිසිම තැනක එසේ ජනතා විරෝධයක් හට නොගැනිණ.

ඉහත කී කඳවුරුදී සිදුවූයේ වතුකරයේ දමිළ සහෝදර සහෝදරියන් 119ක් සඳහා ආහාර මළු බෙදා දීමේදී ආහාර මලු ගැනීමට සුදුසුකම් නොලැබූ විශාල පිරිසක් පැමිණ සිටීමයි.

ඔවුන්ට එය තේරුම්කරදී නියමිත සුදුස්සන්ට පමනක් ආහාර මළු බෙදාදීම සිදුවිණ.

එය සනාථ කිරීම සඳහා අවශ්‍ය කරුණු ඔබ වෙත එවා ඇත.නොසන්සුන්තාවක් ඇති වුවා යැයි යනුවෙන් හුවා දැක්වීම යම් කිසිවෙකු හෝ කවරෙකු ගේ හෝ දේශපාලනික වශයෙන් මඩ තැවරීමට ගත් හුදු උත්සාහයක් බව ද පෙන්වා දෙනු කැමැත්තෙමි.”

ස්තුතියි,

ගරු අමාත්‍යතුමන්ගේ මාධ්‍ය ලේකම් නයන තෙන්නකෝන්.

READ:   මහින්ද මට ගහන්න පැන්නා. පිස්සු කිවුවා කියලා. එදායින් පස්සේ මට එළියට බහින්න දුන්නේ නැහැ - චාමර සම්පත්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්