පසුගිය සමයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවූ දූෂණ, වංචා හෙළිදරව් කරමින් ජනතාව වෙනුවෙන්, ඖෂධ වංචා සිදුවීම් මෙන්ම, ජනතා මුදල් අවභාවිත කිරීමට එරෙහිව නීතිය හමුවේ තොරතුරු හෙළිදරව් කළ විශේෂඥ වෛද්‍ය ආචාර්ය චමල් සංජීව සමගි ජන බලවේගය සමග එක්වීම දූෂණ විරෝධී ගමනට ශක්තියක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියා.
මේ අවස්ථාවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් විශේෂඥ වෛද්‍ය ආචාර්ය චමල් සංජීව මහතාව සමගි ජන බලවේගයට අනුබද්ධිත දූෂණ විරෝධි බලවේගයේ උපසභාපතිවරයා ලෙස සහ සමගි ජන බලවේග සෞඛ්‍ය ප්‍රතිපත්ති කමිටුවේ ලේකම් ධුරයටද පත් කරනු ලැබුවා.


