Thursday, July 23, 2026
HomeදේශීයBREAKING NEWS: වර්ජනයට සම්බන්ධ වූ විදුලි සේවකයින්ගේ සේවය අත්හිටුවා විනය ක්‍රියාමාර්ග ගන්නැයි නියෝග

BREAKING NEWS: වර්ජනයට සම්බන්ධ වූ විදුලි සේවකයින්ගේ සේවය අත්හිටුවා විනය ක්‍රියාමාර්ග ගන්නැයි නියෝග

විදුලිබල මණ්ඩලය පෞද්ගලිකරණය කිරීමට එරෙහිව විදුලිබල මණ්ඩල සේවකයින් පැවැත්වූ වැඩවර්ජන ක්‍රියාමාර්ගයට සම්බන්ධ වූ විදුලි සේවකයින් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස දන්වමින් ලිපියක් අමාත්‍ය කාංචන විජේසේකර මහතා විසින් යොමුකර තිබෙනවා.

අදාළ වැඩවර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් ජනවාරි 03,04.05 යන දිනවල අඛණ්ඩ විදුලිබල සේවාවක් පවත්වා ගැනීමට බාධා වූ බව එම ලිපියෙහි සඳහන්.

විදුලිබලය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කර තිබියදී සහ පාලනාධිකාරිය විසින් නිවාඩු අවලංගු කර තිබියදී, නීතිවිරෝධී නිවාඩු හෝ වෛද්‍ය නිවාඩු මත සේවයට වාර්තා නොකර උද්ඝෝෂණ කටයුතුවලට සහභාගි වූ නීතිවිරෝධී අයුරින් කටයුතු කළ සේවකයින්ගේ සේවය අතිහිටුවා විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලිබල අමාත්‍යවරයා ලිපියෙන් ලංකා විදුලිබල මණ්ඩල පාලනාධිකාරියට දන්වා තිබෙනවා.

එම ලිපිය පහතින්,

file
READ:   නයන වාසලතිලක මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්