දේශීය

ඔන්ලයින් පනත් කෙටුම්පත ජනවාරි 23 අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට ගේනවා! – ටිරාන් අලස්

මාර්ගගත (ඔන්ලයින්) සුරක්ෂිතතා පනත් කෙටුම්පත ජනවාරි 23 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

ලබන 8 වනදා තෙක් ඊට අදාළ යෝජනා ඉදිරිපත් කර හැකි වුවත් එම කෙටුම්පත ඉදිරිපත් කිරීම අනිවාර්යයෙන් සිදු කරන බව ඒ මහතා අවධාරණය කර සිටියේ.

කොළඹ දී අදහස් දක්වමින් ටිරාන් අලස් මහතා මේ බව පැවසුවා.

ගෙවුණු 2023 වසරේ පැමිණිලි 8000 ගාණකින් පමණ, පැමිණිලි 3000ස් ගාණක්ම සමාජ මාධ්‍ය ගැන පැමිණිලි බවත් ඒ නිසා ඔන්ලයින් සුරක්ෂිතතා පනත් කෙටුම්පත ගෙන එන බවත් ඒ මහතා පවසනවා.

මෙම පනත් කෙටුම්පත ගෙන එන්නේ මෙරට කාන්තාවන් හා දරුවන් බේරා ගැනීම වෙනුවෙන් බවයි ටිරාන් අලස් මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

4 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

4 days ago