Friday, April 17, 2026
Homeදේශීයඔන්ලයින් පනත් කෙටුම්පත ජනවාරි 23 අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට ගේනවා! - ටිරාන් අලස්

ඔන්ලයින් පනත් කෙටුම්පත ජනවාරි 23 අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට ගේනවා! – ටිරාන් අලස්

මාර්ගගත (ඔන්ලයින්) සුරක්ෂිතතා පනත් කෙටුම්පත ජනවාරි 23 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

ලබන 8 වනදා තෙක් ඊට අදාළ යෝජනා ඉදිරිපත් කර හැකි වුවත් එම කෙටුම්පත ඉදිරිපත් කිරීම අනිවාර්යයෙන් සිදු කරන බව ඒ මහතා අවධාරණය කර සිටියේ.

කොළඹ දී අදහස් දක්වමින් ටිරාන් අලස් මහතා මේ බව පැවසුවා.

ගෙවුණු 2023 වසරේ පැමිණිලි 8000 ගාණකින් පමණ, පැමිණිලි 3000ස් ගාණක්ම සමාජ මාධ්‍ය ගැන පැමිණිලි බවත් ඒ නිසා ඔන්ලයින් සුරක්ෂිතතා පනත් කෙටුම්පත ගෙන එන බවත් ඒ මහතා පවසනවා.

මෙම පනත් කෙටුම්පත ගෙන එන්නේ මෙරට කාන්තාවන් හා දරුවන් බේරා ගැනීම වෙනුවෙන් බවයි ටිරාන් අලස් මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

READ:   කොළඹට ඇතුළු වන දුර ගමන් බස් රථ පරික්ෂාවට (වීඩියෝ)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්