දේශීය

කොළඹට ඇතුළු වන දුර ගමන් බස් රථ පරික්ෂාවට (වීඩියෝ)

දිවයින පුරා ක්‍රියාත්මක ‘යුක්තිය’ මෙහෙයුමට සමගාමීව අද අලුයම් කාලයේ සිට දකුණු පළාත සිට කොළඹ නගරයට ඇතුළුවන සියලුම දුර ගමන් සේවා බස්රථ පරීක්ෂා කිරීම කළුතර නගරය ආසන්නයේදී සිදු වුණා.

මෙම බස් රථ පරීක්ෂා කිරීම සඳහා කළුතර දකුණ පොලිසිය, විශේෂ කාර්ය බළකායේ කටුකරුන්ද කඳවුර ,කළුතර කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන් පනහකට ආසන්න සංඛ්‍යාවක් එක්ව සිටි බවයි වාර්තාකරු පැවසුවේ.

මෙහිදී කොළඹට ඇතුළුවන සියලුම දුර ගමන් සේවා බස් රථ පොලිස් මාර්ග බාධකයක් යොදා නවතා එම බස් රථවල සිටින මගින් බස්සවා ඔවුන්ගේ ගමන් මලු පරීක්ෂා කිරීම සිදු කර ඇති අතර කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ බ්‍රාවෝ නිල පොලිස් සුනඛයා යොදවා බස් රථ ඇතුළත පරීක්ෂා කිරීම සහ පොලිස් නිලධාරීන් බස් රථවල සියලුම පරික්ෂා කිරීම් කටයුතු ද සිදු කර තිබෙනවා.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

3 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

3 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

7 days ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago