Tuesday, September 8, 2026
HomeදේශීයCCTV දර්ශන බලා දඩ කොල නිකුත් කිරීම අද සිට

CCTV දර්ශන බලා දඩ කොල නිකුත් කිරීම අද සිට

කොළඹ ප්‍රදේශයේ රථවාහන වැරදි සිදුකරන රියදුරන් CCTV කැමරා දර්ශන මගින් හඳුනා ගැනීමේ විශේෂ වැඩසටහන අද (22) සිට ක්‍රියාත්මක යි.

ඒ අනුව නියමු ව්‍යාපෘතියක් වශයෙන් එළඹෙන 31 වන දා දක්වා මෙම වැඩසටහන කොළඹ නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක වෙනවා.

රථ වාහන ආලෝක සංඥා ඇතුළු මාර්ග සංඥා නොතකා රිය ධාවනය ගැන, ආරක්ෂිත කැමරාවල සටහන් වන දත්ත අනුව මෙහිදී නීතිමය පියවර ගැනීමට නියමිත යි.

මෙම වැරදි සම්බන්ධ දඩ පත්‍රිකාව වාහනය ලියාපදිංචි හිමිකරුගේ ආසන්නම පොලිස් ස්ථානයට ලැබීමට සලස්වන බවයි පොලිසිය පැවසුවේ.

READ:   පොලිස්පතිගේ සේවාදිගුවට අනුමැතිය දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කරයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්