දේශීය

සමස්ත ශ්‍රම බලකායම ඇතුලත් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සකස් කිරීමේ කමිටුව අමාත්‍ය මනූෂගේ ප්‍රධානත්වයෙන් රැස්වේ

මෙරට විධිමත් සහ අවිධිමත් යන දෙඅංශයම ඇතුලත්ව සමස්ථ ශ්‍රම බලකායේ සමාජ ආරක්ෂණය පිළිබඳ පුළුල් ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් කැබිනට් මණ්ඩලයට යොමු කරන ලද කැබිනට් පත්‍රිකාව පදනම්කරගෙන පත්කරන ලද කමිටුව පසුගිය දා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

මෙම කමිටුව විසින් මාස තුනක කාලායක් තුල පුළුල් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සම්බන්ධයෙන් වන යෝජනාවලිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළයුතුය. රටේ ශ්‍රම බලකායෙන් සියයට 60ක් පමණ නියෝජනය වන අවිධිමත් අංශයේ ශ්‍රමිකයින් කිසිඳු සමාජ ආරක්ෂණ ක්‍රමවේදයකට ඇතුලත් නොවීම සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී කරුණු ඉදිරිපත් කළේය.

රටේ ශ්‍රම බලකායෙන් සියයට 60ක් පමණ වන අවිධිමත් අංශයේ ශ්‍රමිකයින් ඇතුළුව සියලුම ශ්‍රමිකයින් පුළුල් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයකට ඇතුළුත් කිරීම සඳහා වන විධිමත් වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කළයුතු බවද ඒ සඳහා වන ක්‍රමවේදය සකස්කර මාස තුනක් ඇතුලත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළයුතු බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරනු ලැබීය.

විධිමත් අංශයේ සේවය කරනු ලබන පිරිස් මෙන්ම තවත් මිලියන ගණනක පිරිසක් අවිධිමත් අංශයේ සේවය කරනු ලබන බවත් ඔවුන්ගේ ශ්‍රමයට අභිමාණයක් සහ ගරුත්වක් ලබාදීම සඳහා “ගරු සරු” නමින් විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙන බවත් අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය.

පුළුල් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සකස්කිරීම සම්බන්ධයෙන් වූ උපදේශණ සැසිවාර කඩිනමින් පවත්වා මාස තුනක් ඇතුලත අදාල වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා විසින් මෙහිදී කමිටු සමාජිකයින්ට උපදෙස් ලබාදෙනු ලැබීය.

මෙම කමිටුව අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට යොමු කරන ලද කැබිනට් පත්‍රිකාව පදනම්කරගෙන ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මෙම කමිටුව පත් කරනු ලැබීය.

මෙම සැසිවාරයේදී ලර්න් එෂියා ආයතනය විසින් සමාජ ආරක්ෂණ ක්‍රමවේද සම්බන්ධයෙන් කළ සමීක්ෂණයකින් අනාවරණය කරගත් තොරතුරුද ඉදිරිපත් කරනු ලැබීය. ඒ සඳහා මහාචාර්ය රොහාන් සමරජීව මහතා ඇතුළු කණ්ඩායමක් එම ආයතනය නියෝජනය කරමින්  එක්ව සිටියහ.

:කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය

Recent Posts

BREAKING

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

22 hours ago

තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික ව්‍යාපෘතිය හෙට ඇරඹේ

චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…

1 day ago

2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…

1 day ago

හිටපු ඇමති රවී කරුණානායක අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…

2 days ago

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට බදු නඩුවෙන් ජය

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…

2 days ago

වත්මන් රජය 22 වැනි සංශෝධනය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය සමූළ ඝාතනය කරනවා – විපක්ෂ නායක

රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…

2 days ago