දේශීය

උසස් පෙළ ඇරඹේ: නව විභාග කාලසටහන ගැන නිවේදනයක්

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (04) ආරම්භ වෙනවා.

ලබන 31 වනදා දක්වා විභාගය පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මෙවර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 346,976ක් පෙනී සිටින අතර ඉන් 281,445ක් පාසල් අයදුම්කරුවන්.

විභාගය සඳහා පෙනී සිටින පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 65,531 බව සඳහන්.

විභාග මධ්‍යස්ථාන 2302කදී විභාගය පැවැත්වෙනවා.

විභාග කාල සටහන සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා මෙලෙස අදහස් දැක්වුවා.

“සියලුම දරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ අවසන් මොහොත වනතෙක් ඉන්න එපා. විභාග මධ්‍යස්ථානවලට කල් ඇතිව යන්න. මෙවර අලුත් විෂයක් එකතු වෙලා තිබෙනවා. කොරියන් භාෂා විෂය. එම විෂය ඇතුළත් කිරීම නිසා කාලසටහනේ යම් වෙනසක් සිදුවුණා. ඒ නිසා පෙර කාලසටහන් භාවිත කරන්න එපා. ප්‍රවේශ පත්‍රයේම කාලසටහන දක්වලා තිබෙනවා. එය ප්‍රමාණවත්.”

මේ අතර හදිසි අපදා තත්ත්වය හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථාන වෙත ළඟා වීමට නොහැකි විභාග අපේක්ෂකයින් වෙනුවෙන් විශේෂ විභාග මධ්‍යස්ථාන පිහිටුවීමට ද තීරණය කර තිබෙනවා.

එම නිවේදනය පහතින්,

file

Recent Posts

පොලිසියෙන් නීති කැඩූ138ට අදාළව පනිවිඩයක්.

2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…

6 mins ago

අධිකරණ ස්වාධීනතාව ගැන දිලිත්ගෙන් සටහනක්.

උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…

16 mins ago

හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්

හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…

24 mins ago

වසර 15ක් පුරා නොබියව බලය ප්‍රශ්න කළ Colombo Telegraph

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…

56 mins ago

“අපට තවත් කෑලි අලවන ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නෑ” – මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර

ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…

2 hours ago