අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (04) ආරම්භ වෙනවා.
ලබන 31 වනදා දක්වා විභාගය පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මෙවර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 346,976ක් පෙනී සිටින අතර ඉන් 281,445ක් පාසල් අයදුම්කරුවන්.
විභාගය සඳහා පෙනී සිටින පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 65,531 බව සඳහන්.
විභාග මධ්‍යස්ථාන 2302කදී විභාගය පැවැත්වෙනවා.
විභාග කාල සටහන සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා මෙලෙස අදහස් දැක්වුවා.
“සියලුම දරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ අවසන් මොහොත වනතෙක් ඉන්න එපා. විභාග මධ්‍යස්ථානවලට කල් ඇතිව යන්න. මෙවර අලුත් විෂයක් එකතු වෙලා තිබෙනවා. කොරියන් භාෂා විෂය. එම විෂය ඇතුළත් කිරීම නිසා කාලසටහනේ යම් වෙනසක් සිදුවුණා. ඒ නිසා පෙර කාලසටහන් භාවිත කරන්න එපා. ප්‍රවේශ පත්‍රයේම කාලසටහන දක්වලා තිබෙනවා. එය ප්‍රමාණවත්.”
මේ අතර හදිසි අපදා තත්ත්වය හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථාන වෙත ළඟා වීමට නොහැකි විභාග අපේක්ෂකයින් වෙනුවෙන් විශේෂ විභාග මධ්‍යස්ථාන පිහිටුවීමට ද තීරණය කර තිබෙනවා.
එම නිවේදනය පහතින්,



