file
ලංකා විදුලිබල මණ්ඩලය කොටස් හයකට වෙන් කර සමාගම් පනත යටතේ ලියාපදිංචි කළ හැකි හා ආයතන සකස් කිරීමට යෝජනා කරන ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත ට එරෙහි විරෝධතාව අද (04) දෙවන දිනයටත් ක්‍රියාත්මක යි.
ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින් මෙම විරෝධතාව ආරම්භ කර තිබෙනවා.
අද පෙරවරු 11.30ට ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිට විදුලිබල මණ්ඩල සියලුම වෘත්තීය සමිති නායකත්වයෙන් පවත්වන බව එම සන්ධානය පැවසුවා.
හෙට දිනයේත් විරෝධතාව ක්‍රියාත්මක යි.
මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ සේවාවන්ට බාධා කරන හෝ එහි කළමණාකාරීත්වය නිකුත් කර ඇති මාර්ගෝපදේශයන් කඩකරන ඕනෑම සේවකයෙකුගේ වැඩ තහනම් කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව විදුලිබල අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසුවා.
ලංකා විදුලිබල මණ්ඩල සේවකයින්ගේ නිවාඩු නැවත දැනුම්දෙන තුරු අවලංගු කරමින් වැඩබලන සාමාන්‍යාධිකාරීවරයා චක්‍රලේඛයක් ද නිකුත් කළා.
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…