file
ලංකා විදුලිබල මණ්ඩලය කොටස් හයකට වෙන් කර සමාගම් පනත යටතේ ලියාපදිංචි කළ හැකි හා ආයතන සකස් කිරීමට යෝජනා කරන ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත ට එරෙහි විරෝධතාව අද (04) දෙවන දිනයටත් ක්‍රියාත්මක යි.
ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින් මෙම විරෝධතාව ආරම්භ කර තිබෙනවා.
අද පෙරවරු 11.30ට ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිට විදුලිබල මණ්ඩල සියලුම වෘත්තීය සමිති නායකත්වයෙන් පවත්වන බව එම සන්ධානය පැවසුවා.
හෙට දිනයේත් විරෝධතාව ක්‍රියාත්මක යි.
මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ සේවාවන්ට බාධා කරන හෝ එහි කළමණාකාරීත්වය නිකුත් කර ඇති මාර්ගෝපදේශයන් කඩකරන ඕනෑම සේවකයෙකුගේ වැඩ තහනම් කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව විදුලිබල අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසුවා.
ලංකා විදුලිබල මණ්ඩල සේවකයින්ගේ නිවාඩු නැවත දැනුම්දෙන තුරු අවලංගු කරමින් වැඩබලන සාමාන්‍යාධිකාරීවරයා චක්‍රලේඛයක් ද නිකුත් කළා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…