Sunday, September 13, 2026
Homeදේශීයවිදුලිබල මණ්ඩලය විකිණීමට එරෙහි විදුලි සේවක විරෝධතාව අදත් 

විදුලිබල මණ්ඩලය විකිණීමට එරෙහි විදුලි සේවක විරෝධතාව අදත් 

ලංකා විදුලිබල මණ්ඩලය කොටස් හයකට වෙන් කර සමාගම් පනත යටතේ ලියාපදිංචි කළ හැකි හා ආයතන සකස් කිරීමට යෝජනා කරන ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත ට එරෙහි විරෝධතාව අද (04) දෙවන දිනයටත් ක්‍රියාත්මක යි.

ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින් මෙම විරෝධතාව ආරම්භ කර තිබෙනවා.

අද පෙරවරු 11.30ට ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිට විදුලිබල මණ්ඩල සියලුම වෘත්තීය සමිති නායකත්වයෙන් පවත්වන බව එම සන්ධානය පැවසුවා.

හෙට දිනයේත් විරෝධතාව ක්‍රියාත්මක යි.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ සේවාවන්ට බාධා කරන හෝ එහි කළමණාකාරීත්වය නිකුත් කර ඇති මාර්ගෝපදේශයන් කඩකරන ඕනෑම සේවකයෙකුගේ වැඩ තහනම් කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව විදුලිබල අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසුවා.

ලංකා විදුලිබල මණ්ඩල සේවකයින්ගේ නිවාඩු නැවත දැනුම්දෙන තුරු අවලංගු කරමින් වැඩබලන සාමාන්‍යාධිකාරීවරයා චක්‍රලේඛයක් ද නිකුත් කළා.

READ:   ස්ටාලින්ට සාධාරණය දියව්!
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්