Saturday, April 25, 2026
Homeදේශීයමි.මී. 100 ඉක්මවමින් වැස්ස දැඩි වෙයි

මි.මී. 100 ඉක්මවමින් වැස්ස දැඩි වෙයි

ඊසාන දිග මෝසම් තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වලත් මඩකලපුව, අම්පාර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් ඉදිරි පැය කිහිපය තුළ තවදුරටත් වැසි ඇතිවිය හැකි බවයි.

නැගෙනහිර, ඌව, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මාතලේ, පොළොන්නරුව සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව සඳහන්.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 02න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

ගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

READ:   වැස්ස නත්තලට බලපායි?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්