file
චීනයෙන් මෙරටට ආනයනය කළ සොසේජස් ඇතුළු මස් නිෂ්පාදිත තොගයක ඌරු උණ වෛරසය අඩංගු බවට තහවුරු වී ඇති බව රජයේ පශූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
උත්සව සමයේ වෙළදපොළ ට නිකුත් කිරීම සදහා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව ආනයනය කර ඇති බව සැලකෙන මෙම සොසේජස් සහ මස් තොගය රේගු සහ නිරෝධායන අංශය විසින් සොයා ගෙන තිබෙනවා.
පශූ පරීක්ෂණ ආයතනය විසින් එම සොසේජස් සහ මස් තොගයේ, අප්‍රිකානු ඌරු උණ වසන්ගත වෛරසය ඇති බව තහවුරු කළ බව රජයේ පශූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනාවරණය කර සිටිනවා.
එම මස් තොගය හැකි ඉක්මනින් විනාශ කරන ලෙස ලිඛිතව දැනුම් දී ඇතත් දින 20ක් ගතවත් එම රෝගකාකරක මස් තොගය මෙරට ගබඩාවල තැන්පත් කර ඇති බවයි එම සංගමය අවධාරණය කර සිටින්නේ.
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…
අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…