Monday, July 27, 2026
HomeදේශීයBREAKING: ආනයනික සෙසේජස් සහ මස් නිෂ්පාදන තොගයක ඌරූ උණ වෛරසය

BREAKING: ආනයනික සෙසේජස් සහ මස් නිෂ්පාදන තොගයක ඌරූ උණ වෛරසය

චීනයෙන් මෙරටට ආනයනය කළ සොසේජස් ඇතුළු මස් නිෂ්පාදිත තොගයක ඌරු උණ වෛරසය අඩංගු බවට තහවුරු වී ඇති බව රජයේ පශූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

උත්සව සමයේ වෙළදපොළ ට නිකුත් කිරීම සදහා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව ආනයනය කර ඇති බව සැලකෙන මෙම සොසේජස් සහ මස් තොගය රේගු සහ නිරෝධායන අංශය විසින් සොයා ගෙන තිබෙනවා.

පශූ පරීක්ෂණ ආයතනය විසින් එම සොසේජස් සහ මස් තොගයේ, අප්‍රිකානු ඌරු උණ වසන්ගත වෛරසය ඇති බව තහවුරු කළ බව රජයේ පශූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනාවරණය කර සිටිනවා.

එම මස් තොගය හැකි ඉක්මනින් විනාශ කරන ලෙස ලිඛිතව දැනුම් දී ඇතත් දින 20ක් ගතවත් එම රෝගකාකරක මස් තොගය මෙරට ගබඩාවල තැන්පත් කර ඇති බවයි එම සංගමය අවධාරණය කර සිටින්නේ.

READ:   ධීවර කර්මාන්තය යළි නඟා සිටුවීමට පියවර ගන්නවා - දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ සුසන්ත කහවත්ත
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්