Monday, July 27, 2026
Homeදේශීයචාමරගේ දැන් තත්ත්වය කොහොමද?

චාමරගේ දැන් තත්ත්වය කොහොමද?

අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටින ජනප්‍රිය ගායක චාමර වීරසිංහගේ මේ වන විට තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ඊයේ (27) අදහස් දක්වා සිටියා.

චාමර වීරසිංහ මේ වන විට තවදුරටත් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් ඔහුගේ තත්ත්වය මුල් අවස්ථාවේ තත්ත්වයට වඩා ලොකු වෙනසක් කිව නොහැකි බවත් ඒ මහතා පැවසුවා.

චාමර වීරසිංහට හොදම ප්‍රතිකාර ලබා දීම රෝහල තුළින් සිදුකරන බව බෙල්ලන මහතා පවසනවා.

චාමරට සෙත් පතා බෝධි පූජා අදිය සිදුකරමින් එම කටයුතු තවදුරටත් සිදුකරන ලෙස ඔහු රසික ජනතාවගෙන් ඉල්ලා සිටියා.

ඉදිරි දින දෙක තුන තුළදී චාමර වීරසිංහගේ තත්ත්වය ගැන ප්‍රකාශයක් කළ හැකි බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

තවදුරටත් විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   දමිතාට සහ සැමියාට රටින් යෑම තහනම් 
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්