Thursday, September 10, 2026
Homeදේශීයරටම අඳුරේ තැබූ සිද්ධිය සම්බන්ධ විමර්ශන වාර්තාව සති 3කින් දෙන්නම් - විදුලිබල මණ්ඩලය

රටම අඳුරේ තැබූ සිද්ධිය සම්බන්ධ විමර්ශන වාර්තාව සති 3කින් දෙන්නම් – විදුලිබල මණ්ඩලය

ඉකුත් 9 වනදා දිවයින පුරා විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් විමර්ශනය සිදුකිරීමට පත් කළ අභ්‍යන්තර විමර්ශන වාර්තාව සති තුනකින් ලැබීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

එම විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් විමර්ශනයට භාහිර විමර්ශන කමිටුවක් සහ අභ්‍යන්තර විමර්ශන කමිටුවක් පත් කෙරුණා.

අභ්‍යන්තර විමර්ශන කමිටුව ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යධිකාරීවරයෙකුගේ සභාපතීත්වයෙන් පත් කර කෙරුණු අතර භාහිර විමර්ශන කමිටුව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් සමන්විත විද්වත් මණ්ඩලයක් ද සමගින් පත් කළා.

එම වාර්තාව විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට භාර දීමට නියමිතයි.

READ:   ලංකාවට ණය උගුල අටවන්නේ චීනයෙන් ද, බටහිරින් ද?
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්