දේශීය

උඳුවප් පුන් පොහෝය අදයි

මෙම වසර අවසාන පොහෝ දිනය හෙවත් උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදට (26) යෙදී තිබෙනවා.

ලොව පුරා බෞද්ධයන් මහත් ශ්‍රද්ධාවෙන් සමරන උඳුවප් පොහොය ශාසනික වශයෙන් ඉතා වැදගත් පොහෝ දිනයක් වෙනවා.

සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේ දින හතක මහුදු තරණයකින් පසු ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ද රැගෙන දඹකොළ පටුනට වැඩම කරවීම සිදුවූයේ අද වැනි පොහෝ දිනක යි.

දේවානම්පියතිස්ස රජතුමා ඉන්දියාවේ ධර්මාශෝක රජතුමන්ගෙන් කළ ඉල්ලීමට අනුව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව සමගින් සංඝමිත්තා රහත් තෙරණියගේ වැඩමකරවීම සිදුවිය.

සංඝමිත්තා තෙරණින් වහන්සේගේ වැඩමකරවීමත් සමග මෙරට භික්ෂුණී ශාසනයේ පිහිටුවීම ද උඳුවප් පොහෝ දිනයක සිදුවූ බවයි සඳහන් වන්නේ.

ඒ අනුලා දේවීය ඇතුළු කාන්තාවන් පන්සිය දෙනෙකු ශාසනයේ පැවිද්ද ලබා ගැනීමත් සමඟයි.

මේ අතර බුදුරජාණන් වහන්සේ පා පහස ලත් උතුම් සිරිපා වන්දනාව ද ආරම්භ වන්නේ අදට යෙදෙන උඳුවප් පොහෝ දිනයෙදී වීම විශේෂත්වයක්.

අදට යෙදෙන උඳුවප් පොහෝ දිනයට සමගාමීව දිවයින පුරා සියලු වෙහෙර විහාරස්ථානවල ආමිස ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ආගමික වතාවත් සිදුකරණු ලබයි.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

5 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

5 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago