file
මෙම වසර අවසාන පොහෝ දිනය හෙවත් උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදට (26) යෙදී තිබෙනවා.
ලොව පුරා බෞද්ධයන් මහත් ශ්‍රද්ධාවෙන් සමරන උඳුවප් පොහොය ශාසනික වශයෙන් ඉතා වැදගත් පොහෝ දිනයක් වෙනවා.
සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේ දින හතක මහුදු තරණයකින් පසු ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ද රැගෙන දඹකොළ පටුනට වැඩම කරවීම සිදුවූයේ අද වැනි පොහෝ දිනක යි.
දේවානම්පියතිස්ස රජතුමා ඉන්දියාවේ ධර්මාශෝක රජතුමන්ගෙන් කළ ඉල්ලීමට අනුව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව සමගින් සංඝමිත්තා රහත් තෙරණියගේ වැඩමකරවීම සිදුවිය.
සංඝමිත්තා තෙරණින් වහන්සේගේ වැඩමකරවීමත් සමග මෙරට භික්ෂුණී ශාසනයේ පිහිටුවීම ද උඳුවප් පොහෝ දිනයක සිදුවූ බවයි සඳහන් වන්නේ.
ඒ අනුලා දේවීය ඇතුළු කාන්තාවන් පන්සිය දෙනෙකු ශාසනයේ පැවිද්ද ලබා ගැනීමත් සමඟයි.
මේ අතර බුදුරජාණන් වහන්සේ පා පහස ලත් උතුම් සිරිපා වන්දනාව ද ආරම්භ වන්නේ අදට යෙදෙන උඳුවප් පොහෝ දිනයෙදී වීම විශේෂත්වයක්.
අදට යෙදෙන උඳුවප් පොහෝ දිනයට සමගාමීව දිවයින පුරා සියලු වෙහෙර විහාරස්ථානවල ආමිස ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ආගමික වතාවත් සිදුකරණු ලබයි.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…