Saturday, April 18, 2026
Homeදේශීයඋත්සව සමය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවා

උත්සව සමය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවා

එළඹෙන නත්තල සහ උත්සව සමය වෙනුවෙන් අද (22) සිට දුරගමන් සේවා සඳහා අතිරේක බස් රථ 100ක් යෙදවීමට නියමිත බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

මේ අතර උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ දුම්රිය සේවාව ද හෙට (23) සිට ආරම්භ කරන බවයි දුම්රිය සමාන්‍යාධිකාරී ගමනාගමන එන්.ජේ.ඉදිපොලගේ මහතා පැවසුවේ.

මීට අමතරව කොළඹ කොටුව සහ බදුල්ල අතරත් කොළඹ කොටුව සහ මහනුවර අතරත් විශේෂ දුම්රිය සේවාවක් අද (220 සිට ක්‍රියාත්මක බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ඊයේ ප්‍රකාශ කළේ.

එහිදී,

22 වනදා කොළඹ කොටුවෙන් රාත්‍රී 7.30ට බදුල්ල ට විශේෂ දුම්රියක්.

(22) බදුල්ල සිට කොළඹට සවස 5.20ට විශේෂ දුම්රියක්.

23 , 25, 27, 29 දිනවල උදෑසන 7.30 ට කොළඹ කොටුවෙන් බදුල්ලට විශේෂ දුම්රියක්.

මහනුවර සිට බදුල්ලට 23 සහ 25 වනදා උදෑසන 7.00ට විශේෂ දුම්රියක්.

වශයෙන් දුම්රියන් ධාවනය කෙරේ.

READ:   BREAKING: කොළඹ - උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය මාස 6 කට නවතියි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්