file
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍යංශ ලේකම්වරු 10 දෙනෙකු සහ පළාත් දෙකක් සඳහා ප්‍රධාන ලේකම්වරු දෙදෙනෙකු පත් කර තිබෙනවා.
අද උදෑසන එම පත්වීම් සිදු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කළේ.
අදාළ පත්වීම් ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක යි.
ඒ අනුව,
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා වසන්තා පෙරේරා මහත්මිය.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අමාත්‍යංශය සඳහා එන්.එම්.රණසිංහ මහතා.
වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ සඳහා ගුණදාස සමරසිංහ මහතා.
ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය සඳහා ඒ. සී. මොහොමඩ් නෆීල් මහතා.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහා ඩබ්ලිව්. පී.පී යසරත්න මහතා.
වාරිමාර්ග අමාත්‍යාංශය සඳහා සමන් දර්ශන පාඬිකෝරාල මහතා.
පරිසර අමාත්‍යාංශය සඳහා බී. කේ. පී. චන්ද්‍රකීර්ති මහතා.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහා ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා.
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සඳහා ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා.
තාක්ෂණ අමාත්‍යාංශය සඳහා ධර්මශ්‍රී කුමාරතුංග මහතා.
යන අය නව ලේකම්වරු ලෙස පත් කර ඇති අතර උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් ලෙස ආර්. එම්. ඩබ්. එස්. සමරදිවාකර මහතා ද, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ලෙස එස්. එල්. ඩී. කේ. විජයසිංහ මහත්මිය ද පත් කර තිබෙනවා.
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…
අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…