දේශීය

අමාත්‍යංශ 10කට නව ලේකම්වරු

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍යංශ ලේකම්වරු 10 දෙනෙකු සහ පළාත් දෙකක් සඳහා ප්‍රධාන ලේකම්වරු දෙදෙනෙකු පත් කර තිබෙනවා.

අද උදෑසන එම පත්වීම් සිදු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කළේ.

අදාළ පත්වීම් ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක යි.

ඒ අනුව,

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා වසන්තා පෙරේරා මහත්මිය.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අමාත්‍යංශය සඳහා එන්.එම්.රණසිංහ මහතා.

වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ සඳහා ගුණදාස සමරසිංහ මහතා.

ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය සඳහා ඒ. සී. මොහොමඩ් නෆීල් මහතා.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහා ඩබ්ලිව්. පී.පී යසරත්න මහතා.

වාරිමාර්ග අමාත්‍යාංශය සඳහා සමන් දර්ශන පාඬිකෝරාල මහතා.

පරිසර අමාත්‍යාංශය සඳහා බී. කේ. පී. චන්ද්‍රකීර්ති මහතා.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහා ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සඳහා ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා.

තාක්ෂණ අමාත්‍යාංශය සඳහා ධර්මශ්‍රී කුමාරතුංග මහතා.

යන අය නව ලේකම්වරු ලෙස පත් කර ඇති අතර උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් ලෙස ආර්. එම්. ඩබ්. එස්. සමරදිවාකර මහතා ද, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ලෙස එස්. එල්. ඩී. කේ. විජයසිංහ මහත්මිය ද පත් කර තිබෙනවා.

Recent Posts

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

6 hours ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

6 hours ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

5 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

5 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago