Tuesday, January 6, 2026
Homeදේශීයපළමු වරට ලිතුවේනියානු රාජ්‍යයේ සිට සංචාරකයින් රැගත් ගුවන් යානයක් මත්තලට (වීඩියෝ)

පළමු වරට ලිතුවේනියානු රාජ්‍යයේ සිට සංචාරකයින් රැගත් ගුවන් යානයක් මත්තලට (වීඩියෝ)

පළමු වරට ලිතුවේනියානු රාජ්‍යයේ සිට සංචාරකයින් 159 දෙනෙකු රැගත් PQ .5385 දරන sky up ගුවන් සමාගමට අයත් ගුවන් යානය අද පස්වරුවේ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලට ළඟා වී තිබෙනවා.

එස්තෝනියාව, ලිතුවේනියානු, ලැට්වියාව, පෝලන්තය සහ මල්දෝව යන බෝල්ඩික් සමූහාණ්ඩුවට අයත් රටවල් පහකින් සංචාරකයින් මෙරටට රැගෙන ඒමට සැලසුම් කර ඇති බව සඳහන්.

ඉන් ශ්‍රී ලංකාවට දළ වශයෙන් ඩොලර් මිලියන 25ක විදේශ විනිමය උපයා ගත හැකි බව අපේක්ෂා කරනවා.

Sky up ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් ස්ථෝනියාවේ සිට සංචාරකයින් රැගත් පළමු ගුවන් යානය පෙරේදා මත්තලට ළඟා වුණා.

ඒ අනුව සතියකට ගුවන් ගමන් වාර හයක් ඔස්සේ සංචාරකයින්, දිවයිනට ළඟා වීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

READ:   රාජ්‍ය සේවකයින්ගේ විදේශ ගුවන් ගමන් පිරිමැසුම් පන්තියෙන් (Economy Class) පමණයි - ජනපති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්