Monday, July 27, 2026
Homeදේශීයරාජ්‍ය සේවකයින්ට මේ පාර බෝනස් දෙනවද?

රාජ්‍ය සේවකයින්ට මේ පාර බෝනස් දෙනවද?

වාණිජ සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල සියලු රාජ්‍ය සේවකයින් සඳහා ප්‍රසාද දීමනා ගෙවීමට අදාළ චක්‍රලේඛයක් මහ භාණ්ඩාගාරය විසින් නිකුත් කර තිබෙනවා.

මහ භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධනගේ අත්සනින් නිකුත් කර ඇති එම චක්‍රලේඛනයේ සඳහන් වන්නේ ප්‍රසාද දීමනා ගෙවීම සඳහා මහ භාණ්ඩාගාරය විසින් මුදල් නිකුත් නොකරන බවයි.

ප්‍රසාද දීමනා ලබා දිය හැක්කේ ගෙවීම් සළකා බලන වර්ෂයට පෙර වසරේ මහ භාණ්ඩාගාරයට ගෙවිය යුතු ලාභාංශ සහ අය බදු ආදිය ගෙවීමෙන් පසුවයි.

ඒ අනුව රුපියල් 20,000ත් – 25,000ත් අතර ප්‍රසාද දීමනා ගෙවිය හැකි බව දැනුම්දෙනවා.

කෙස්වෙතත් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට ප්‍රසාද දීමනා හෝ වෙනත් දීමනාවක් මෙම වසරේ නොගෙවන ලෙසටයි විදුලිබල අමාත්‍ය කාංචන විජේසේකර මහතා උපදෙස් ලබා දී ඇත්තේ.

file
file
READ:   විදුලි බිල වැඩිවීම අද සිට ක්‍රියාත්මකයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්