ජේ.එන් වන් නව කොවිඩ් ප්‍රභේදය මෙරටට ඇතුළු වී නැතැයි, කිසිවෙකුට කිව නොහැකි බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසනවා.
ඒ එම ප්‍රභේදය තියෙනවාද? නැද්ද? යන්න සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ සිදු නොකිරීම ඊට හේතුව බව ඒ මහතා පෙන්වා දෙනවා.
නව කොවිඩ් ප්‍රභේදය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය ද නව මාර්ගෝපදේශනයක් නිකුත් කර ඇති බවත් එහි නව ප්‍රභේදය බරපතල තත්ත්වයක් ඇති කරන සුළු බව සඳහන් වන බවත් ඒ මහතා ප්‍රකාශ කළා.
වෛද්‍ය සැපයුම් ඒකකය තුළ මිලදී ගත් ක්ෂණික ප්‍රතිදේහ ජනක කට්ටල ප්‍රමාණවත් පරදි ඇති බැවින් ශ්වසන ආබාධ සහිත පුද්ගලයින් පරික්ෂා කර තොරතුරු ලබා ගත යුතු බව ඔහු පවසනවා.
වෙනත් රෝගයන්ට මෙන් කොවිඩ් වෛරසය සඳහා ද සැකකෙරෙන අය පරික්ෂා කර එම දත්ත ලබා ගත හැකි බවත් ඊට අවශ්‍ය එන්නත් ආදිය සෞඛ්‍ය අංශ සතුව තිබෙන බවත් එහෙත් එලෙස පරික්ෂා කර බලපෑම් අවම කර ගැනීමට කටයුතු නොකරන බවත් කුමුදේශ් මහතා අවධාරණය කරනවා.
කොවිඩ් යැයි සැකකෙරෙන රෝගීන් සඳහා පරීක්ෂණ ඉල්ලීම් නොකෙරෙන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල හෝ නොනිල මාර්ගෝපදේශයක් යටතේ එලෙස කටයුතු සිදුවන බවත් ඔහු ප්‍රකාශ කළා.
වැඩිදුර විස්තර සහිත විඩියෝව පහතින්,


