දේශීය

නව කොවිඩ් ප්‍රභේදය ලංකාවට ඇතුලු වෙලා නැ කියලා කාටවත් කියන්න බෑ! – රවී කුමුදේශ්

ජේ.එන් වන් නව කොවිඩ් ප්‍රභේදය මෙරටට ඇතුළු වී නැතැයි, කිසිවෙකුට කිව නොහැකි බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසනවා.

ඒ එම ප්‍රභේදය තියෙනවාද? නැද්ද? යන්න සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ සිදු නොකිරීම ඊට හේතුව බව ඒ මහතා පෙන්වා දෙනවා.

නව කොවිඩ් ප්‍රභේදය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය ද නව මාර්ගෝපදේශනයක් නිකුත් කර ඇති බවත් එහි නව ප්‍රභේදය බරපතල තත්ත්වයක් ඇති කරන සුළු බව  සඳහන් වන බවත් ඒ මහතා ප්‍රකාශ කළා.

වෛද්‍ය සැපයුම් ඒකකය තුළ මිලදී ගත් ක්ෂණික ප්‍රතිදේහ ජනක කට්ටල ප්‍රමාණවත් පරදි ඇති බැවින් ශ්වසන ආබාධ සහිත පුද්ගලයින් පරික්ෂා කර තොරතුරු ලබා ගත යුතු බව ඔහු පවසනවා.

වෙනත් රෝගයන්ට මෙන් කොවිඩ් වෛරසය සඳහා ද සැකකෙරෙන අය පරික්ෂා කර එම දත්ත ලබා ගත හැකි බවත් ඊට අවශ්‍ය එන්නත් ආදිය සෞඛ්‍ය අංශ සතුව තිබෙන බවත් එහෙත් එලෙස පරික්ෂා කර බලපෑම් අවම කර ගැනීමට කටයුතු නොකරන බවත් කුමුදේශ් මහතා අවධාරණය කරනවා.

කොවිඩ් යැයි සැකකෙරෙන රෝගීන් සඳහා පරීක්ෂණ ඉල්ලීම් නොකෙරෙන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල හෝ නොනිල මාර්ගෝපදේශයක් යටතේ එලෙස කටයුතු සිදුවන බවත් ඔහු ප්‍රකාශ කළා.

වැඩිදුර විස්තර සහිත විඩියෝව පහතින්,

Recent Posts

BREAKING

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

16 hours ago

තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික ව්‍යාපෘතිය හෙට ඇරඹේ

චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…

20 hours ago

2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…

20 hours ago

හිටපු ඇමති රවී කරුණානායක අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…

2 days ago

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට බදු නඩුවෙන් ජය

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…

2 days ago

වත්මන් රජය 22 වැනි සංශෝධනය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය සමූළ ඝාතනය කරනවා – විපක්ෂ නායක

රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…

2 days ago