අඩි දහස් ගණනක් ඉහළ කේබල් රථයක සිරව සිටින ළමුන් ඇතුළු පිරිසේ සිටි ගුරුවරයෙකු ඔහුගේ දුරකථනයෙන් ඇමතුමක් ගෙන තිබෙනවා.
ඔහු ප්‍රකාශ කර ඇත්තේ වයස අවුරුදු 10-15 ත් අතර ළමුන් සිටින බවත් ඔවුන් සනසමින් සිටින බවයි.
පාකිස්තානය පුරා ජනතාව රූපවාහිනි ඔස්සේ මෙම අවස්ථාව නරඹමින් සිටින බව එරට මාධ්‍ය පවසනවා.
මගීන් ප්‍රවාහනය සඳහා යොදා ගන්නා කේබල් කාර් රථ නිසි පරිදි නඩත්තු නොකිරීම නිසා ඒවා නිතර අනතුරුවලට ලක්වන බවත් ඒ හේතුවෙන් ජිවිත ගණනාවක් අහිමි වන බවටත් බලධාරීන් හට චෝදනා එල්ල වෙමින් පවතිනවා.
සමහර පිරිසක් දරුවන් මුදා දෙන ලෙස ඉල්ලා දේව මේහෙයන් ද පවත්වා ඇති බවයි වාර්තා වුණේ.


