Friday, August 28, 2026
Homeදේශීයයුක්තිය මෙහෙයුමේ නවතම තත්ත්වය: කුඩු වලට ඇල්ලූ අය බලන්න පොලිස්පති එයි (විඩියෝ)

යුක්තිය මෙහෙයුමේ නවතම තත්ත්වය: කුඩු වලට ඇල්ලූ අය බලන්න පොලිස්පති එයි (විඩියෝ)

මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කිරීම සඳහා පොලිසිය විසින් ආරම්භ කළ “යුක්තිය” මෙහෙයුමේ දී පැය 24 තුළ සැකකරුවන් 2296 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ සැකකරුවන් 109 දෙනෙකු රඳවා ගෙන ප්‍රශ්න කරන බවයි.

මේ අතර සැකකරුවන් 184 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොදාවා තිබෙනවා.

වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාවා මත්ද්‍රව්‍ය සන්තකේ තබා ගැනීම සම්බන්ධයෙන්.

සොයා ගෙන ඇති එම මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 46කට අධිකයි.

හෙරෝයින්, අයිස්, මවා ගංජා, හසීස්, කුෂ් මත්ද්‍රව්‍ය මෙන්ම මත්පෙතිද සැකකරුවන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

අද දිනයේත් ප්‍රදේශ රැසක මෙම මෙහෙයුම් ක්‍රියාත්මක යි.

READ:   රටේ ආර්ථිකයට නුවරඑළිය උපරිමයෙන් දායක කර ගන්න සැලසුම් සහගත වැඩපිළිවෙළක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්