ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හොරණ ආසනයේ කාන්තා බලමණ්ඩලය, හොරණ ප්‍රධාන සංවිධායක රවින්ද්‍ර ශ්‍රී සුරංජ මහතාගේ මෙහෙයවීමෙන් පසුගියදා හොරණ නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරුනා.
ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩ බලන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතාගේ ප්‍රධානත්වයෙනුයි.
නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභික ආචාර්ය චමිල ලියනගේ,මතුගම ආසන සංවිධායක (සම) ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශ්‍රීපාල් වන්නිආරච්චි හා කීර්ති ජයසිංහ යන මහත්වරුන් මෙන්ම,බුලත්සිංහල සංවිධායක ලසන්ත මහේෂ් ඇතුලු, හොරණ කොට්ඨාස නායක නායිකාවන් රැසකගේ සහභාගිත්වය මීට හිමි වුනා.
වර්ථමානයේ රට පත්ව ඇති ඉරණමට දැඩි ලෙසම මුහුණ දෙනු ලබන්නේ කාන්තාව බවත් මෙය ඊට එරෙහිව කාන්තාවට නැගී සිටීමට ඇති හොදම කාලය බවත් පක්ෂයේ වැඩ බලන මහ ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතා පෙන්වා දුන්නා.
මේ දිනවල ජනප්‍රිය ගීතයක් පවතින බවත්,පොහොට්ටු සාමාජිකයන්ට අද කියන්නට සිදුව ඇත්තේ අමුක ඩුමුක බැසිල් ..බැසිල් යනුවෙන් බවද මහලේකම්වරයා කියා සිටියා.
හොරණ ආසනයේ ප්‍රධාන සංවිධායක රවින්ද්‍ර ශ්‍රී සුරංජ මහතා අදහස් දක්වමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අද තරුණ ජවයක් ලැබී තිබෙන බවත්,එම තරුණ නායකත්වය සමඟ පක්ෂයේ ජයග්‍රහණය කරා ගෙන යාමට පෙළ ගැසිය යුතු බවත් අවධාරණය කළා.






