file
පසුගියදා දක්ෂිණ අධිවේගී මාර්ගයේ පස් කන්දක් නායයෑමෙන් අනතුරකට ලක්ව ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ කරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී.
මෙලස මියගොස් ඇත්තේ වයස අවුරුදු 42ක් වූ වලව්වත්ත පාර, කළුතර ප්‍රදේශයේ පදිංචිව සිටි පොලිස් විශේෂ කාර්ය බළකා දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව උප ඒකකයට අනුයුක්තව සේවය කළ නිළධාරියෙකි.
පසුගිය 11 වනදා ඉමදූව පොලිස් වසමේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ 101.4 ආර් කණුව අසල දී පස් කන්ද නායයෑමට ලක්ව තිබුණා.
ඒ එම ප්‍රද්ශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ යි.
නායයෑම සිදුවූ අවස්ථාවේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් අපදා ස්ථානයේ රථවාහන අනතුරට ලක්ව ඇත් ද යන්න බැලීමට නායයෑම සිදුවූ ස්ථානයට පැමිණ තිබුණා.
එහිදී එම ස්ථානයේ ම තවත් නයයෑමක් සිදුවීමෙන් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරියා බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබුණා.
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…