file
ආරක්ෂක හේතූන් මත ජනතාව පොලිසියේ ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.
අපරාධ වැඩිවීම නිසා ඕනෑම අයෙක් ගැන ඕනෑම අවස්ථාවක තොරතුරු ලබා ගත හැකි පරිදි අන්තර්ජාල පද්ධතියක් නිර්මාණය කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ දෙමළ ජනතාව පමණක් පොලිසියේ ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක බවට මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා ඊයේ (11) පාර්ලිමේන්තුවේ නැගූ චෝදනාවට පිළිතුරු දෙමින්.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා..
“මනෝ ගනේෂන් මන්ත්‍රීතුමා අමු බොරුවක් කිව්වේ ඉස්සෙල්ලාම, දෙමළ ගෙවල්වලින් පමණක් මේ ලියාපදිංචිය කරනවා කියලා. ගිය පාරත් ඔය ප්‍රශ්නෙ කිව්වාම මම මෙතුමාට පුද්ගලිකව හම්බුවෙච්ච වෙලාවෙත් ඔක්කොම සංඛ්‍යා දත්ත පවා දුන්නා. දැන් කොළඹ ගත්තොත් උදාහරණයකට අපි දැනට 90%ක් ජනගහණය ලියාපදිංචි කරලා ඉවරයි. ඒකෙ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනා ඉන්නවා. එතකොට මේ ෆෝර්ම් එක පුරවන්න පටන් අරගෙන තිබ්බේ අද ඊයේ හෝ මං ආවාට පස්සෙ නෙවෙයි, අවුරුදු ගාණක් තිස්සේ. යුද්ධ කාලෙත් කරලා තිබුණා.”
“මෙතුමාත් ගිය ආණ්ඩුවේ ඉන්නකොට එතකොටත් කරලා තිබුණා. අපට දැනගන්න ඕනෙ යම්කිසි කෙනෙක් පිට පළාතක ඉඳලා එහේ මොනවා හරි වැරැද්දක් කරලා කොළඹට ඇවිල්ලා ගෙදරක හැංගිලා ඉන්නවා නම්, එක්කෝ කොළඹ එක්කෙනෙක් බදුල්ලට ගිහිල්ලා ඉන්නවා නම්, අපි රෙකෝඩ් එකක් තියාගන්න හදන්නේ පුද්ගලයෝ ඉන්නෙ කොහෙද කියන එක. ඉතින් ඒකෙ කිසි වැරැද්දක් නෑ. අපි ඒකෙ ගන්නෙ නමයි – මේ කිව්වා වගේ ආගම අහන්නෙ නෑ, ඒක බොරු. අපි ජාතිය පමණයි අහන්නේ. ඕක ගිය පාරත් මේ පාර්ලිමේන්තුවේ කෑගැහුවා දෙමළ ගෙවල්වලින් පමණයි මේක ගන්නෙ කියලා. අමූලික බොරුවක්.”
“මෙතුමාට ඕනෙ නම් මෙතුමාට මම දෙන්නම් සාකච්ඡාවක් සියලු දේ ගෙනල්ලා අපි ඉඳගෙන කතා කරමු ඔය ගැන, මම සියලුම සංඛ්‍යා දත්ත පෙන්වන්නම්. අපට ඒ කරන එක නවත්වන්න බෑ ගරු කථානායකතුමනි, අපි ආරක්ෂාව ගැන බලනවා නම් අපි ඒක කරනවා. දැන් මගේ ගෙදරට ඇවිල්ලා කවුරුහරි ගත්තොත් විස්තර ටික, අපි ඒක දෙනවා. අපට හංගන්න දෙයක් නෑ, ගෙදර ඉන්නෙ කවුද කියන එක විතරනෙ දැනගන්න ඕනෙ”
“මෙතුමා කියනවා නම් සිංහලෙන් විතරක් ෆෝර්ම් එක ආවා කියලා, මං ඒක ගැන හොයලා බලලා ඒක මං නිවැරදි කරන්නම්. මෙතුමාත් පිළිගන්නවා, මේක යුද්ධ කාලෙත් තිබුණා, මේක දිගටම තිබුණු ප්‍රශ්නයක්. යුද්ධෙ නැතිවුණත් වෙන අපරාධ ඇතිවෙන්න වැඩිවෙලා තියෙන්නෙ මේ රටේ. ඒක හින්දා අපි දැන් අලුත් පද්ධතියකුත් හදනවා, මේ හැම එකම පරිගණකගත කරලා ඕනෙ එක්කෙනෙක්ව ඕනෙ වෙලාවක හොයාගන්න පුළුවන් වෙන විදියට. ඉතින් අපට මේ ලොකු ප්‍රශ්නයක් නෙවෙයිනෙ. අපේ ගෙදර හතර දෙනෙක් ඉන්නවා නම් අපි ඒක කියනවා මේ හතර දෙනා අපේ ගෙදර ඉන්නවා කියලා. එච්චරයිනෙ”
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…