file
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළව සාමූහික ගිවිසුමකට එළැඹෙන ලෙසත්, වතු කම්කරුවන් ඉල්ලා සිටින අවම දෛනික වැටුප වන රුපියල් 1700ක මුදල ලබා දීම හෝ වැඩි කරන වැටුප් ප්‍රමාණය පිළිබඳව මෙම දෙසැම්බර් මස 31 වනදාට පෙර දැනුම් දෙන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැවිලි සමාගම් ප්‍රධානීන්ට උපදෙස් දී තිබෙනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, වැවිලි සමාගම් ප්‍රධානීන් සමග ඊයේ (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී.
මෙවර අයවැයෙන් යෝජනා කරන ලද කෘෂිකාර්මික නවීකරණ වැඩපිළිවෙලට අනුව ප්‍රාදේශීය වැවිලි සමාගම් ඔවුන්ගේ වැඩපිළිවෙළ සකස් කරගන්නේ කෙසේද යන්න සොයා බැලීම සඳහා මෙම සාකච්ඡාව කැඳවා තිබුණා.
වතු කම්කරු ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…
අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…