දේශීය

දකුණු ආසියාවේ උසම කැරකෙන අවන්හල විවෘත වෙයි.

දකුණු ආසියාවේ උසම අවන්හල සහ කැරකෙන අවන්හල වන Orbit by Citrus, කොළඹ නෙළුම් කුළුණේ දී විවෘත කිරීම සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ඊයේ (06) නෙළුම් කුළුණේ දී පැවැත්වුණා.

මේ අවස්ථාවට ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ඇතුළු අවන්හල් කළමණාකාරීත්වය නියෝජනය කරමින් එහි නිලධාරීන් කිහිපදෙනෙකු ද සහභාගීව සිටියා.

එළඹෙන සෙනසුරාදා (09) මෙම අවන්හල නෙළුම් කුළුණේ දී විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

මාධ්‍ය හමුව අමතමින් අදහස් දැක් වූ අමාත්‍ය දිලුම් අමුණුගම..

“සුදු අලියෙක් විදියට හංවඩු ගහපු මේ ව්‍යාපෘතිය අද වන විට (මාස 15ක් තුළ) ලාබ ලබන සහ මහාභාණ්ඩාගාරයට මුදල් ලබා දෙන ආයතනයක් බවට පත්කරන්න අපිට හැකියාව ලැබිලා තිබෙනවා. ඒ වගේම ජාත්‍යන්තර ප්‍රමිතීන් සපුරාලන දේශීය සමාගම් තුනක් මීටර් 195 ක උසකින් යුත් abseiling, bungee jumping හා paragliding වගේ ක්‍රීඩාවන් හරහා අපේ බහුතරයක් ජනතාව මෙතෙක් අත්නොවිඳි නවමු අත්දැකීම් රැසක් ලබාදෙන්න සූදානමින් ඉන්නවා.”

Recent Posts

හිටපු ඇමති රවී කරුණානායක අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…

19 hours ago

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට බදු නඩුවෙන් ජය

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…

19 hours ago

වත්මන් රජය 22 වැනි සංශෝධනය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය සමූළ ඝාතනය කරනවා – විපක්ෂ නායක

රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…

21 hours ago

හිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…

23 hours ago

මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා නේපාලයට සහාය වීමට ශ්‍රී ලංකාව සූදානම් – නේපාලයේ හදිසි ගංවතුර තත්ත්වය ගැන ජනපති ශෝකය පළ කරයි

නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…

5 days ago

උතුම් නිකිණි පුර පසළොස්වක පුන්පොහෝ දිනය අදයි

හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…

5 days ago