දේශීය

දකුණු ආසියාවේ උසම කැරකෙන අවන්හල විවෘත වෙයි.

දකුණු ආසියාවේ උසම අවන්හල සහ කැරකෙන අවන්හල වන Orbit by Citrus, කොළඹ නෙළුම් කුළුණේ දී විවෘත කිරීම සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ඊයේ (06) නෙළුම් කුළුණේ දී පැවැත්වුණා.

මේ අවස්ථාවට ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ඇතුළු අවන්හල් කළමණාකාරීත්වය නියෝජනය කරමින් එහි නිලධාරීන් කිහිපදෙනෙකු ද සහභාගීව සිටියා.

එළඹෙන සෙනසුරාදා (09) මෙම අවන්හල නෙළුම් කුළුණේ දී විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

මාධ්‍ය හමුව අමතමින් අදහස් දැක් වූ අමාත්‍ය දිලුම් අමුණුගම..

“සුදු අලියෙක් විදියට හංවඩු ගහපු මේ ව්‍යාපෘතිය අද වන විට (මාස 15ක් තුළ) ලාබ ලබන සහ මහාභාණ්ඩාගාරයට මුදල් ලබා දෙන ආයතනයක් බවට පත්කරන්න අපිට හැකියාව ලැබිලා තිබෙනවා. ඒ වගේම ජාත්‍යන්තර ප්‍රමිතීන් සපුරාලන දේශීය සමාගම් තුනක් මීටර් 195 ක උසකින් යුත් abseiling, bungee jumping හා paragliding වගේ ක්‍රීඩාවන් හරහා අපේ බහුතරයක් ජනතාව මෙතෙක් අත්නොවිඳි නවමු අත්දැකීම් රැසක් ලබාදෙන්න සූදානමින් ඉන්නවා.”

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

5 hours ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

5 hours ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

4 days ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

4 days ago